සාමාන්‍ය නියමයන් හා කොන්දේසි

අපගේ සේවාවන්

  1. අප විසින් ඔබ වෙත උපදේශන සහ සම්බන්ධීකරණ ‍සේවාවක් ලබාදීම සිදුකරනු ලැබේ. එහිදී ඔබ සහ ජපානයේ SBT Co., Ltd. ආයතනය අතර සම්බන්ධීකරණය, ඔබ අතට වාහනය ලැබෙන තෙක් සිදුකෙරේ.
  2. ඔබගේ අවශ්‍යතා අනුව වඩාත් සුදුසු වාහනය තෝරාගැනීමට සහාය වීම.
  3. වාහනය මුළු පිරිවැය පිළිබඳ ආසන්න පුරෝකථනයක් ලබාදීම.
  4. ලංසුව ඉදිරිපත් කිරීමට පෙර (ලබාගත හැකි විස්තර මත පදනම්ව) ඡායාරූප සහ වෙන්දේසි පත්‍රිකාවේ පරිවර්තනය ඇතුළුව වාහනයේ විස්තර ලබාදීම.
  5. ඔබ වෙනුවෙන් ලංසුව ඉදිරිපත් කිරීම.
  6. රේගු නිෂ්කාශනය සඳහා නියෝජිතයෙකු සම්බන්ධ කරදීම සහ අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම (අවශ්‍යතාවය මත).
  7. වාහනය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඉටුකරදීම (අමතර අයකිරීමක් සිදුවේ).

ඔබ විසින් ඉටුකල යුතු කරුණු

  1. වෙන්දේසියට පෙර දින රාත්‍රී 11:00 ට පෙර ලංසු තැබීම මිල සහ වාහනය තහවුරු කිරීම.
  2. Proforma invoice ලැබීමෙන් පසු සතියක් ඇතුළත ණයවර ලිපිය (LC) විවෘත කිරීම.
  3. බැංකුවෙන් ලේඛන එකතු කර රේගු නිෂ්කාශනය සඳහා නිෂ්කාශන නියෝජිතයාට භාරදීම.
  4. හම්බන්තොට වරාය පිවිසුමේදී පරීක්ෂා කිරීමෙන් පසු ඔබේ වාහනය ලබාගැනීම.

කොන්දේසි

  1. අපගේ උපදේශන සහ සම්බන්ධීකරණ ගාස්තුව රු. 250,000 කි.
  2. ලංසු තැබීමේ ක්‍රියාපටිපාටිය ආරම්භ කිරීම සඳහා ලංසු ඇපකරය ලෙස රු. 250,000 ක් තැන්පත් කළ යුතුය.
  3. ඇපකරය තැන්පත් කිරීමෙන් පසු සහ වෙන්දේසියෙන් වාහනයක් වෙන් නොකර ඇති අවස්ථාවක ඔබට වාහනය මිලදී ගැනීම අවලංගු කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීමෙන් දින 3ක් ඇතුලත ලබාදී ඇති ඇපකර මුදල් ආපසු ලබාගත හැක.
  4. ඔබ වෙන්දේසියෙන් වාහනයක් වෙන් කර ගෙන ඇති අවස්ථාවක ණයවර ලිපිය (LC) විවෘත කිරීමට අපොහොසත් වුව‍හොත් ලංසු ඇපකරය ආපසු ගෙවනු නොලැබේ.
  5. දැනට පවතින දත්ත මත පදනම්ව දළ ඇස්තමේන්තුගත පිරිවැය පමණක් ලබාදෙනු ලබන අතර එය විනිමය අනුපාතය සහ රජය විසින් වරින් වර පනවනු ලබන බදු මත වෙනස්වීමට ලක්විය හැකි අතර එමගින් සිදුවිය හැකි බලපෑම් ඔබ විසින් දරාගත යුතුය.
  6. දුරස්ථව පිහිටා ඇති ඇතැම් වාහන වෙන්දේසි වලින් වාහන මිලදී ගැනීමේදී අමතර මුදලක් අයකරන අතර එම මුදල සහ වෙන්දේසි වල තොරතුරු මේ සමග අමුණා ඇත.
  7. Original carpet, Audio Video Player, සහ අමතර යතුර නොතිබීමේ හැකියාවක් පවතී.
  8. ඔබ යම් හානියක් සහිත වාහනයක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, එම වාහනය වෙන්දේසියෙන් මිලදී ගැනීමෙන් පසු සිදුකරනු ලබන වාහන පරීක්ෂාව අසමත්වීමේ හැකියාවක් ඇත. එවිට වාහනය නැව්ගත කිරීමට ප්‍රථම එම හානිය අලුත්වැඩියා කල යුතුය. එම අලුත්වැඩියාව සහ නැවත පරීක්ෂාව සඳහා වැයවන අමතර පිරිවැය වෙන වෙනම ගෙවිය යුතුය.
  9. Mag City ආයතනය මගින් ලබාදෙන අවුරුදු 3ක හෝ 100,000Km ක වගකීම් සහතිකය ලබාදෙනු ලැබේ (කොන්දේසි සහිතයි).
  10. ණයවර ලිපි (LC) විවෘත කිරීම සඳහා වැයවන බැංකු ගාස්තු සහ වාහනය ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තු අප විසින් ලබාදෙන ඇස්තමේන්තුවෙහි ඇතුලත් නොවන අතර එය ඔබ විසින් දරාගත යුතුය.
  11. වාහනය ආනයනය කිරීමේදී SBT Co., Ltd. ආයතනයේ කොන්දේසි වලට යටත්විය යුතු අතර යම් ගැටළුකාරී තත්වයකදී නීතිමය පියවර ගැනීමට සිදුවුවහොත් මෙම කොන්දේසි සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සිදුවේ.
chat with giga